නැණසල යනු ?
‘‘විශ්ව දැනුම ගමට’’ යන අරමුණින් ජනාධිපති කාර්යාලය, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිෙවිදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ ක‍්‍රියාත්මක ව්‍යාපෘතියකි. නැණසල ව්‍යාපෘතියේ ප‍්‍රධාන ඉලක්කය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප‍්‍රතිලාභ ලබාදෙන මධ්‍යස්ථාන දහසක් දිවයින පුරා ඇති කර ශී‍්‍ර ලංකාවාසී සියලූම දෙනාට තොරතුරු තාක්‍ෂණයට ඇති ඉඩ ප‍්‍රස්ථා සමානව ලබා දීමයි.
බණ්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙන-නැණසල වන අප ආයතනය.........
ඉහත අරමුණ පෙරදැඩිව නැණසල දහස ව්‍යාපෘතිය යටතේ 2008 වසරේ සිට ක‍්‍රියාත්මක එක් ආයතනයක් ලෙස බණ්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙන-නැණසල වන අප ආයතනය හඳුන්වා දිය හැක. අප ආයතනය විසින් මීට වසර 3කට පෙර ආරම්භ කළ e-වැස්ස නම් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වනුයේ ගම්පහ අවට තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය හදාරන සවිමත් පාසැල් සිසුන් 10,000ක් අප රටට නිර්මාණය කර දීමයි.
අප ව්‍යාපෘතියේ සුවිශේෂත්වය .......
10/11 ශ්‍රේණි තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය විෂය සඳහා A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම.
අදාල විෂය සඳහා සිද්ධාන්තමය (Theory) හා ප‍්‍රායෝගික (Practical) වශයෙන් පරිපූර්ණ දැනුමක් ලබා දීම.
සෑම පාඩමක් සඳහාම නිබන්ධන, කෙටි සටහන්, ප‍්‍රශ්ණ පත‍්‍ර ලබා දීම හා වාර අවසාන ඇගයීම් පැවැත්වීම.
පාඨමාලාව අතරතුර විෂය සමගාමී වැඩමුළු 7ක් පැවැත්වීම සහ සෑම වැඩමුළුවක් සඳහාම සහතිකපත් ප‍්‍රදානය කිරීම.
පාඨමාලාව අවසානයේ දී ICT Diploma සහතිකය ලබා ගත හැකි වීම.
නව තාක්‍ෂණය හා තාක්‍ෂණික උපාංග භාවිතය පිළිබඳව අවබෝධය ලබා දීම.
කාලෝචිත ඉගැන්වීම් රටාවක්, මනෝවිද්‍යාත්මක උපදේශණයක් සහ මග පෙන්වීමක් යටතේ අපගේ දරුවන්ව සාමාන්‍ය පෙළ විභාගයේ උසස්ම ප‍්‍රථිඵලයක් වෙත රැගෙන යාම.
විනයානුකූල නිශ්කලංක පරිසරයක අධ්‍යානය ලැබිය හැකි වීම.
සෑම සිසුවෙක් කෙරෙහිම සෑම විෂයක් පිළිබඳවම දැඩි අවධානය.
තරුණ ව්‍යවසායකත්වය, නායකත්ව පුහුණුව මෙන්ම සාමූහිකව වැඩ කිරීමේ හැකියාව වර්ධනය කිරීම.
nice
ReplyDelete